සැබෑ එජාපය යනු සමඟි ජන බලවේගය නොවේ | දිනමිණ


 

සැබෑ එජාපය යනු සමඟි ජන බලවේගය නොවේ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ

සැබෑ එක්සත් ජාතික පක්ෂය යනු රාවුෆ් හකීම්, දිගම්බරන්, රිෂාඩ් බදියුදීන් හා චම්පික රණවක සිටින සමඟි ජන බලවේගය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ‍‍ එක්සත් ජාතික පක්ෂය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතීන් නියෝජනය වන බව පැවසූ වික්‍රමසිංහ මහතා, සමඟි ජන බලවේගයේ සිටිනුයේ 2014 වසරේ තමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එක් කරගත් පිරිසක් බවත් පැවසීය. එකමුතු වී තරඟ කිරීමට තමා සෑම උත්සහයක්ම දැරූ බවත් එක්ව තරඟ කළේ නම් ආණ්ඩුව පරාජය කිරීමට හැකි බව පෙන්වා දුන් හිටපු අගමැතිවරයා කැපුවත් කොළ පාක්ෂිකයින් එක් වී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කැප වී සිටින බවත් පැවසීය.

සමගි ජන බලවේගයේ සාමාජිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීමට නොහැකි බව අධිකරණය තීන්දු කර ඇතැයි පැවසූ වික්‍රමසිංහ මහතා ඒ අනුව බලවේගයට සහයෝගය දක්වන මෙන්ම ඉන් ජන්දය ඉල්ලන අයගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවත් පැවසීය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න