වැඩවර්ජනවලට බය නෑ - ජනපති | දිනමිණ


 

වැඩවර්ජනවලට බය නෑ - ජනපති

රට ගැන සිතන නායකයෙකු බලයට පත් වූ සෑම අවස්ථාවකම කඩාකප්පල්කාරීන් විවිධ අන්දමේ කුමන්ත්‍රණ සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) බදුල්ල මහවැලි ක්‍රීඩාංගනයේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමිනි.
 
කුමන කුමන්ත්‍රණ දියත් වුවද, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළද කිසිවෙකුටත් එවැනි දෑ වලින් තමා බියට පත්කළ නොහැකි බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කර රට සංවර්ධන කිරීමට, දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පවසයි.
 
ඔහු මේ බව සඳහන් කළේ වරාය සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් සිය අදහස දක්වමිනි. ජනාධිපතිවරයා පවසන්නේ මේ මොහොතේ වැඩවර්ජනයක් සිදු කිරීමට තරම් කිසිදු හේතුවක් වරාය සේවකයන්ට නොමැති බවයි. කිසිදු පදනමක් නොමැතිව, අර්බුද නිර්මාණය කිරීමේ අරමුණින් සහ තමා හා රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුනින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
 

නව අදහස දක්වන්න