මහවිල මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් | දිනමිණ


 

මහවිල මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

යටියන්තොට සිට ගම්මාන කිහිපයකට ගමන් කරනා මහවිල මාර්ගයේ පිහිටි බෑවුම් සහිත ස්ථානයක ගල් පෙරළීමේ අවදානමක් පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා නඟති. ඉදිරියේදී වර්ෂාව පැවතියහොත් මෙම අවදානම වැඩි විය හැකි බව ද ඔවුහු පවසති.

පසුගිය දිනවල මෙසේ ගල් පෙරළීමෙන් මාර්ගය සම්පූර්ණයෙන් වැසී ගමනාගමනය ද අවහිර වී තිබූ අතර යටියන්තොට ප්‍රාදේශීය සභාව මඟින් ගල් ඉවත් කරන ලදි. බෑවුමට පහළින් නිවාස කිහිපයක් ද පිහිටා ඇති අතර වාහන මෙන්ම පා ගමනින් යන්නන්ද මේ ස්ථානයෙන් බහුලව ගමන් කරනා බැවින් අනතුරක් සිදු වීමට කලින් මේ පිළිබඳව සොයා බලන ලෙස අදාළ බලධාරීන්ගෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. ඩී. වසන්ත මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ වන විට මාර්ගය පිළිසකර කිරීම අවසන් කරමින් පවතින බවත් ඉදිරි පියවර පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කර විසඳුමක් ගන්නා බවත්ය.

 

සමන් එස්. රත්නායක යටියන්තොට විශේෂ

නව අදහස දක්වන්න