තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය | දිනමිණ


 

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

සුපතළ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික අගෝස්තු මංගල්‍යය නිරෝධායන හා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ඊයේ (2 ) පෙරවරුවේ එම පුදබිමේදී පැවැත්විණි.

පෙරවරු හතට මංගල්‍ය මහා දේව මෙහෙය ඇරඹුණු අතර හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්දිස් සහ යාපනය රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය ජස්ටින් ඥාන ප්‍රකාශම් යන රද ගුරුන් වහන්සේලා විසින් දමිළ හා සිංහල බසින් දේව මෙහෙයන් පැවැත්වූහ. සත් ප්‍රසාද දානයේදී විශේෂ ආරක්ෂිත පියවරක් වශයෙන් සිය අත්ලට සත් ප්‍රසාදයන් පිරිනැමිණි. ශාන්ත ආනා මෑණියන්ගේ පිළිරුව රැගත් පීඨිකාව, කල්පිටිය විජය නාවුක හමුදා භටයන් විසින් වීථි සංචාරය කරවන ලදී. මෙම අවස්ථාවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමතිවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර ඇතුළු මහජන නියෝජිතයෝ රැසක්ම සහහාගි වී සිටියහ.

 

කල්පිටිය සමූහ

නව අදහස දක්වන්න