සියඹලාපෙටත් දියත උයනක් | දිනමිණ


 

සියඹලාපෙටත් දියත උයනක්

දියත උයන ආකෘතියට අනුව ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘතියක් බියගම ආසනයට අයත් සියඹලාපේ හන්දියේ ශරීර සුවතා ව්‍යායාම මං තීරුව ආශ්‍රිතව ඉදි කිරීමට රජය කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ශාන් ද සිල්වා මහතා සමඟ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය සිකුරාදා (3) පෙරවරුවේ එම ස්ථානයට පැමිණ ස්ථාන නිරීක්ෂණයක යෙදු‍ණාහ.

බියගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලීප් විජේසේකර, බියගම පාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල හා ටස්මා සමුහ ව්‍යාපාරයේ සභාපති නිමල් කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු බියගම ජනතාව විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත මෙය ක්‍රියාත්මක කරයි.

මහානාම විතානගේ - මල්වාන සමූහ සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

නව අදහස දක්වන්න