ආඬිමුණේ වෙරළ ශුද්ධ කිරිමේ ශ්‍රමදානයක් | දිනමිණ


 

ආඬිමුණේ වෙරළ ශුද්ධ කිරිමේ ශ්‍රමදානයක්

මූූන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව ආඬිමුණේ වෙරළ තීරය සුද්ධ කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පසුගිය සිකුරාදා (31දා) දවස පුරා පැවැත්විණි .ඈත මුහුද ඔස්සේ ගොඩ බිමට පාවි ආ කැළි කසළ නිසා අපවිත්‍රවි ඇති වෙරළේ ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය රැසක් මෙහිදී ඉවත් කළ හැකිවිය . මූන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ උඩප්පුවේ පිහිටි පරිසර සංවිධාන සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව මෙම ශ්‍රමදානය සංවිධාන කර තිබූ අතර උඩප්පුව හා ආඬිමුණේ ප්‍රදේශයන්හි ජීවත් වන කාන්තාවන් බහුතරයක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂයක් විය.

 ඊ. සී. ප්‍රනාන්දු - මුන්නේශ්වරම සමූහ

නව අදහස දක්වන්න