ත්‍රිකුණාමල බළකොටුවේ ජල ටැංකියක අත්බෝම්බයක් | දිනමිණ


 

ත්‍රිකුණාමල බළකොටුවේ ජල ටැංකියක අත්බෝම්බයක්

ත්‍රිකුණාමලය පැරණි බළකොටුවේ භූගත ජල ටැංකියක් තුළ සඟවා තිබියදී සොයාගත් ජීව අත්බෝම්බයක් පෙරේදා (01) නිෂ්ක්‍රිය කිරීමට විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමල කඳවුරේ නිලධාරීහු කටයුතු කළහ.

ප්ලාස්ටික් බෝතලයක බහා අතැර දමා තිබූ භූගත ජල ටැංකියක තිබියදී මෙම ජීව අත්බෝම්බය මුලින්ම දැක ඇත්තේ එහි කැණීමක් සිදු කිරීමට ගිය මධ්‍යම සංස්කෘතික අරමුදල් සේවකයන් පිරිසක් විසිනි. දෙවන ලෝක යුද සමයේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදි කළ මෙම බළකොටුව ඉදිරිපිට රාජ්‍ය බුද්ධි සේවාවේ ත්‍රිකුණාමල ඒකකය පිහිටා ඇති අතර ඊට නුදුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සුසන්ත පුංචිනිලමේ මහතාගේ නිල නිවෙස පිහිටා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

 

ඒ. ටී. එම්. ගුණානන්ද - ත්‍රිකුණාමලය විශේෂ

නව අදහස දක්වන්න