ලෙබනන පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබයි | දිනමිණ


 

ලෙබනන පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබයි

ඊයේ (04) පස්වරුවේ ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පවසයි.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරයි.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ඇය පැවසුවාය.

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

නව අදහස දක්වන්න