වසංගත තත්ත්වය හමුවේ සාමකාමී මැතිවරණයක් පවත්වා ලබාගත් ජයග්‍රහණය විශිෂ්ටයි | දිනමිණ


 

වසංගත තත්ත්වය හමුවේ සාමකාමී මැතිවරණයක් පවත්වා ලබාගත් ජයග්‍රහණය විශිෂ්ටයි

ඉන්දීය අගමැති මෝදිගෙන්  අගමැති මහින්දට සුබ පැතුම්

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද සාමකාමී මැතිවරණයක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඊයේ (06) රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඉන්දීය අගමැතිවරයා සිය සුබ පැතුම් එක් කළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

දෙරටේ නායකයන් අතර පැවැති මේ දුරකතන සංවාදය ඉතා සුහඳශීලී අයුරින් පැවති අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාව ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පවත්වමින් ලාංකීය දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කර තිබෙන අතර, ඊයේ (06) රාත්‍රිය වන විට ප්‍රකාශයට පත් කළ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න