ජනතාව තැබූ විශ්වාසය නිසැකවම සුරකිනවා | දිනමිණ


 

ජනතාව තැබූ විශ්වාසය නිසැකවම සුරකිනවා

ශ්‍රී ලංකාව  දියුණු රාජ්‍යයක් කිරීම අරමුණයි

අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා තංගල්ල නිවෙසේ සිට රූපවාහිනිය ඔස්සේ මහ මැතිවරණයේ ප්‍රතිඵල  නරඹන  අයුරු.

කොරෝනා වසංගත තත්ත්වය නොතකමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සියලු ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විජයග්‍රාහී මාවතකට ගෙන ඒම සඳහා සිය ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාට බෙහෙවින් කෘතඥ වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) දිනමිණට පැවසීය. මෙරට සංවර්ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණ ඉදිරියට ගෙන ඒමෙන් ජනතාව තමන් මෙන්ම තම පක්ෂය පිළිබඳ තබන ලද විශ්වාසය නිසැක වශයෙන්ම ආරක්ෂා කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට සංවර්ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට නිසි සහයෝගයක් ලබා දෙමින් ලෝකයේ දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම තම ආණ්ඩුවේ මෙන්ම පොදුජන පෙරමුණේ අනාගත බලාපොරොත්තුව බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මෙවැනි විශිෂ්ට ජයක් තම දේශපාලන ගමන තුළ තමන් බලාපොරොත්තු වූ බවත් පොදුජන පෙරමුණ මෙන්ම රටට හිතැති දේශපාලන පක්ෂ රැසක් සමඟ එක්ව රටේ අනාගතය, සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියේ දී රටට යහපත් තීරණ රැසක් ගන්නා බවද මහින්ද රාජපක්ෂ මහතා දිනමිණට පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න