ලෙබනනයේ පීඩාවට පත් ලාංකිකයින් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් | දිනමිණ

ලෙබනනයේ පීඩාවට පත් ලාංකිකයින් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක්

 
ලෙබනනයේ බීරූට් හි පිපිරීමෙන් පීඩාවට පත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් ගෙන්වා ගැනීමට රජයෙන් වැඩපිළිවෙලක් සකස් කරන බව විදේශ කටයුතු පිළිබද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
 
එසේම  වනවිට විදෙස්ගත ශ‍්‍රමිකයින් දහ අටදහස් පන්සියයක් ගෙන්වාගෙන ඇති බව ඔහු පවසයි.
 
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේය.
 
තුවාලකරුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්ය.
 
ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

නව අදහස දක්වන්න