ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනාවක් | දිනමිණ


 

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආරාධනාවක්

අලුතින් වැඩිදියුණු කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්සවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගෙන් ශ්‍රී ලංකාවට ආරාධනයක් ලැබී තිබේ.
 
එම ඇරයුම මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
 
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවය.

නව අදහස දක්වන්න