අනතුරටපත් යානාවේ blackbox හමුවෙයි | දිනමිණ

අනතුරටපත් යානාවේ blackbox හමුවෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනතුරට පත් වූ ගුවන්යානාවෙ කළු පෙට්ටිය සොයාගෙන ඇත.
 
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානාවේ මෙම කළු පෙට්ටිය මගින් අනතුර සිදුවූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බව එරට ගුවන් බලධාරීන් විශ්වාසය පළ කරයි. 
 
මෙම ගුවන් අනතුරින් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 18 දෙනෙකුට දිවි අහිමි විය. සිද්ධියෙන් මගීන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි සදහන්වේ. දැනට රෝහල් ගත කර සිටින පුද්ගලයින් 23දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 
 
අධික වර්ෂා තත්වය යටතේ යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ දී මෙලෙස අනතුරට පත්ව තිබුනි.
 
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සමාගම සතු බොයිං සමාගමේ 737 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්විය. 
 

නව අදහස දක්වන්න