නැවත රට ගොඩනැඟිය හැක්කේ ජනපතිට-අගමැතිට පමණයි | දිනමිණ

නැවත රට ගොඩනැඟිය හැක්කේ ජනපතිට-අගමැතිට පමණයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු

පසුගිය යහපාලන රජය සමයේ මේ රට විනාශයට පත් වුණා. නැවතත් මේ රට ගොඩනැඟීමට හැකියාව තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පමණයි. මා සිතන ආකාරයට ඉදිරි වසර 10 ඇතුළත මේ රට නැවතත් ඉතාම දියුණු තත්ත්වයකට පත් කරන්න හැකියාව තිබෙනවා. යැයි මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ කරුණා කොඩිතුවක්කු මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ජයග්‍රහණයෙන් අනතුරුව මාතරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

අප මැතිවරණයට එන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වුණේ 2/3ක ජයග්‍රහණයක්. සෑම වේදිකාවකම කතා කළේ ඒ පිළිබඳව. එය ජනතාව විසින් ඉටු කරදී තිබෙනවා. ජනතාව ලබා දුන් තීන්දුව හරහා ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනය සහ මේ රටේ තිබෙන වෙනස්කම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය තුළ ඇති කරන්න හැකියාව ලැබෙනවා. එය මේ රටේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කෙරෙහි ජනතාව විශාල ලෙස විශ්වාසය තැබුවා. ඒ අතරින් මාතර ජනතාව සුවිශේෂීයි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර හතෙන් හයක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගන්න හැකියාව ලැබී තිබෙනවා. නවක දේශපාලනඥයෙක් වශයෙන් මට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දුන් සහයෝගයට ගෞරවය පිරිනමනවා.

 

තමරසිරි විජේසේකර - දෙයියන්දර සමූහ

නව අදහස දක්වන්න