හෙට දිවුරුමට සැරසෙන මගුල් මඩුව | දිනමිණ


 

හෙට දිවුරුමට සැරසෙන මගුල් මඩුව

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා හෙට (12)  ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු කිරීමට නියමිතය
 
පෙර  පැරණි රජ දවස යොදාගත් සැරසිලි වලින් හැඩගන්වමින් මහනුවර මගුල් මඩුව මේ වන විටත් සැරසෙමින් පවතියි
 
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් ඇමැතිවරු දිව්රුම් දීමේ උත්සවය හෙට (12) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
 
මේ නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ අද ‍(11) ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමට වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා  ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පැමිණියේය.
 
මෙම වැඩසටහනේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර සීමිත පිරිසක් පමණක් එම උත්සවය සඳහා සහභාගි කරවා ගැනීමට රජය පියවර ගෙන තිබේ.   
                              
මඟුල් මඩුව ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් පසු එහි ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
 
එම අවස්ථාවට මධ්‍යම පළාත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩී. එල්. ඒ. රණවීර, මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
 
අසේල කුරුළුවංශ 

නව අදහස දක්වන්න