දිල්රුක්ෂි ඩයස්ට දේශපාලන පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි නියෝගයක් | දිනමිණ


 

දිල්රුක්ෂි ඩයස්ට දේශපාලන පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි නියෝගයක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට ලබන 27 දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් එම කොමිසම ඊයේ (11) සිතාසි නිකුත් කළේය. හිටපු වි‍දේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා ගොනුකළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම සිතාසිය නිකුත් කළේය.

අසත්‍ය කරුණු මත නඩු පැවරීමෙන් දේශපාලන පළිගැනීමක් සිදු වූ බවට පවසමින් බෝගොල්ලාගම මහතා මෙම පැමිණිල්ල ගොනුකර තිබූ අතර පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර ඩයස් මහත්මිය වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුව මෙම සිතාසිය නිකුත් කෙරිණි.

 

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න