මාලක සිල්වාට ඇප | දිනමිණ


 

මාලක සිල්වාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර  ඇත
 
තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව  තලංගම පොලීසිය පැවසීය.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වන දා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත
 
 ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (11) රාත්‍රී 8.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබේ.
 

නව අදහස දක්වන්න