ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වෙයි | දිනමිණ

ලෙබනන් ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

මරණ 200කට වඩා සිදු වූ ලෙබනනයේ බේරූට් නුවර පිපිරීම හේතුවෙන් ජනතා අප්‍රසාදයට ලක් වූ එරට ආණ්ඩුව ඉල්ලා අස්වී තිබේ. මේ ගැන එරට අගමැති හසන් ඩයිබ් ඉකුත් සඳුදා සවස් භාගයේ රූපවාහිනියෙන් ජාතිය අමතමින් පවසා ඇත. රටේ නායකයන්ගේ නොසැලකිල්ල සහ දූෂණය හේතුවෙන් මේ සිද්ධිය හටගෙන ඇතැයි බොහෝ දෙනා චෝදනා නඟති. එක දිගට තුන්වන දිනටත් විරෝධතාකරුවෝ මහමඟට බැස පොලීසිය සමඟ ගැටුම් ඇති කරගෙන තිබේ. නව කැබිනට්ටුවක් ඇති කරගන්නා තුරු වත්මන් ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් මෙන් පවතිනැයි ජනාධිපති මිචෙල් ඔවුන් ඉල්ලීමක් සිදුකර ඇත.

නව අදහස දක්වන්න