සොඳුරු කැදැල්ලකට පාර කියන කැදැල්ල’ | දිනමිණ

සොඳුරු කැදැල්ලකට පාර කියන කැදැල්ල’

පසුගිය සතියෙහි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රය කලකින් එහි සක්‍රීය ස්වභාවයට පත්ව පැවතිණි. කොරෝනා හේතුවෙන් එහි පැවති සියලු උත්සව කටයුතු මෙන්ම ප්‍රදර්ශන ආදිය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවීම ඊ‍ට හේතුවයි."කැදැල්ල" ප්‍රදර්ශනය පැවති වාතාවරණය වෙනස් කරමින් අති සාර්ථක ලෙස සෞඛ්‍ය නිර්දේශයට යටත්ව පැවැති අතර අභියෝග ජයගැනීම පිළිබඳව මෙන්ම පුරෝගාමීත්වය පිළිබඳ ආදර්ශයක් සපයන අවස්ථාවක් ලෙස මෙම ප්‍රදර්ශනය සාර්ථක ලෙස පැවැත්වීම හැඳින්විය යුතුමය. මෙසේ වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමේ අභියෝගය භාරගත් ආයතනය වන්නේ ඒෂියා එක්ෂිබිෂන් ඇන්ඩ් කන්වෙන්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයයි.

මෙරට අත්දැකීම් බහුල හා ප්‍රමුඛ පෙළේ සංවිධාන ශක්තියකින් හෙබි ඒෂියා එක්ෂිබිෂන් ආයතනය කොරෝනා අභියෝගය හමුවේ වුවද විධිමත්ව ප්‍රදර්ශනය සංවිධානය කර තිබීම හේතුවෙන් එය අති සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වී තිබිණි.

මේ පිළිබඳව ඒෂියා එක්ෂිබිෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ටිරෝන් චන්ද්‍ර සේකර මහතා පවසා සිටියේ "මේ ප්‍රදර්ශනය මේ තරම්ම සාර්ථක වේයයි අප තුළ පවා පැවතියේ සැකයකි. අපට වුවමනා වුණේ ආරම්භයක් දීම පමණයි. මෙ ආයතන රැසක් ප්‍රදර්ශනය සඳහා එක්වුණේ අප සමඟ කටයුතු කර ඇති අත්දැකීම් නිසයි. ඇතැම් ව්‍යවසායකයින් මීට සම්බන්ධ වුණේ අත්හදා බැලීමේ අදහසින්. නමුත් කැදැල්ල ප්‍රදර්ශනයට හොඳ ප්‍රතිචාර ලැබුණා. පාරි‍භෝගිකයින් වගේම සම්බන්ධවූ ව්‍යාපාරිකයින් තෘප්තිමත් වූ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපිට හැකි වුණා."

කොරෝනා හේතුවෙන් ආර්ථිකයට සිදු වූ පසුබෑම් බොහෝය. ක්‍රමයෙන් එම පසුබෑම් මඟහැර ආර්ථිකය නිසි මාවතට ප්‍රවේශ කරවීමට නම් මෙබඳු වෙළෙඳ ප්‍රදර්ශන මහත් රුකුලකි.

ප්‍රදර්ශනයට සම්බන්ධ වූ ව්‍යවසායකයින් කීප දෙනකු සමඟ අපි සංවාදයේ නිරත වීමු.

නිරන්තරයෙන් සෙනඟ ගැ‍වසෙන ප්‍රදර්ශන කුටි අතර ස්වර්ණ මහල් පරිශ්‍රය විශේෂිත විය.

නෙත් සිත ඇදබැඳ ගැනීමට සමත් නිමාවන්ගෙන් යුතු රන් අභරණ නිසාම පමණක් නොව පාරිභෝගික උද්‍යෝගයද එහි නිරන්තරයෙන් දැකගත හැකිවිය. අප හා සංවාදයට එක් වූයේ එහි ශාඛා කළමනාකරු වන චානක පෙරේරා මහතායි. " ඉදිරි 21,22,23 දිනයන්හීදී

BMICHහී පැවැත්වීමට නියමිත "THE WEDDING SHOW" හි ප්‍රධාන අනුග්‍රහය ස්වර්ණ මහල්. ඒ නිසාම "කැදැල්ල ප්‍රදර්ශනයට එක් වූයේ පෙර සූදානමක් හැටියටයි. අපි මේ ප්‍රදර්ශන භූමියේදී 50%මිල අඩු කිරීම් සිදු කළා. ඒ නිසාම පාරිභෝගිකයාගෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.THE WEDDING SHOW මීටත් වඩා සාර්ථක වේවියැයි අපි විශ්වාස කරනවා. 21,22,23 BMICH ඇවිත් ස්වර්ණ මහල් වෙතින් අතිශය සොඳුරු නවීනතම විලාසිතාවේ රන් ආභරණ ප්‍රදර්ශන භූමියේදී පමණක් ලබා දෙන විශේෂ මිල අඩු කිරීම් යටතේ ලබාගන්නා ලෙස මම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා."

ටෙලි නාට්‍යවල දැක පුරුදු යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් අපට හමු‍වූයේ ප්‍රදර්ශන කුටියක් තුළදීයි. පසෙක තිලකා රණසිංහ මහත්මියද සිටිනු දැකගත හැකි විය.

ප්‍රදර්ශන කුටිය නම්කර තිබුණේ"SARANGA DISASEKARA INTERNATIONAL(pvt) LTD "නමිනි. ඒ සාරංග දිසාසේකරගේ ව්‍යාපාරයි.

වඩාත් නිර්මාණාත්මක අන්දමින් ප්‍රැන්‍ට්‍රි කබඩ් සැකසීමේ ව්‍යපාරයක නිරතවී සිටින සාරංග ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්." කළා ක්ෂේත්‍රයේ නිරතව සිටින බොහෝ අය ඊට සමීප ව්‍යාපාරවලයි නිරතව සිටින්නේ. මම ඊට වඩා වෙනස් දෙයක් තෝරා ගත්තේ ඒ තුළින්

වෙනත් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට ඇති කැමැත්ත නිසයි. මේ ව්‍යාපාරය ආරම්භ කරලා වසර දෙකක් පමණ වෙනවා. නමුත් එහි දියුණුවක් අත්කර ගැනීමට අපි සමත්වී තිබෙනවා. මේ වනවිට නව පරපුරේ ඉල්ලීම පවතින්නේ ශාඛමය අමුදුව්‍යවලට වඩා ස්ටිල් වැනි අමුද්‍රව්‍ය සඳහායි. ඒ නිසාම අපි ඒ අංශයටයි වැඩි නැඹුරු වීමක් තිබෙන්නේ. කාර්යාල,මහල් නිවාස, ආදී ඕනෑම ස්ථානයක් අලංකාරව සැකසීම සඳහා කටයුතු කරනවා.

කොරෝනා කාලේ ව්‍යාපාර කටයුතු තරමක් පසුබැස්සත් අපි නැවතත් වැඩ ආරම්භ කළා. කැදැල්ල ප්‍රදර්ශනයෙන් හොඳ අත්දැකීම් ලැබිය හැකි වුණා. ඇනවුම් මෙන්ම අපගේ ව්‍යාපාරයට සම්බන්ධ කර හැකි තවත් ව්‍යවසායකයින්, නිෂ්පාදකයින් රාශියක් හඳුනා ගැනීමටත් මෙය කදිම අවස්ථාවක් වුණා."

ප්‍රදර්ශන භූමියේ වැඩි වශයෙන් පාරිභෝගිකයින් රැඳී සිටි ස්ථාන අතර සීකෝ ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන ගිය පියෝ ප්‍රදර්ශන පරිශ්‍රය විශේෂිතය. එහිදී පාරිභෝගිකයන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ දේශන පවත්වාගෙන යනු දැකගත හැකිවිය .

ප්‍රචාරනයන්ට නොරැවටී වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ජල පිරිපහදු යන්ත්‍රයක් හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම් සිදු කෙරෙනු දැකගත හැකිවිය.

මෙම ප්‍රදර්ශන භූමියේ පැවති විශේෂත්වය නම් පියෝලයිෆ් ජල පිරිපහදු යන්ත්‍රයක් මිලදී ගැනීමේ දී ජීවිත රක්ෂණයකට හිමිකම් ලැබීමයි. සීකෝ ඉන්ටනැෂනල් හි සභාපති රවීන්ද්‍ර ජයනාත් පවසා සිටියේ මෙරට ජනතාවට පිරිසිදු ජලය පානය කිරීමේ අවස්ථාව උදාකිරීම සිය ආයතයේ ඉදිරි දැක්ම බවයි. . පෙර ආපදා කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ ඒ මහතා පැවසූවේ වකුගඩු රෝගයෙන් මෙරට ජනතාව මුදා ගැනීම වෙනුවෙන් ආයතනයක් වශයෙන් කැපවෙන බවයි.

ප්‍රදර්ශන භූමියේ කැපී පෙනෙන ස්ථාන අතර සම්පත් සෝෆා විශාල වපසරියක වඩාත් අභිමානවත් අයුරුන් විරාජමානව සිටිනු දැක ගතහැකි විය.එහි අධිපති සම්පත් ‍‍‍ෆොන්සේකා දේශීය නිෂ්පාදකයෙකු සේම ස්වඋත්සාහයෙන් හා දිරියෙන් යුතුව ව්‍යවසායකයෙකුවූ ආදර්ශවත් ව්‍යවසායකයෙකි.කැදැල්ල ප්‍රදර්ශනය තම ව්‍යාපාරික දිවියේ සංධිස්ථානයක් බවයි ඔහු පවසන්නේ ව්‍යාපාරික ප්‍රදර්ශන ලොව සංවර්ධනයේ සුවිශේෂී අංගයකි. එය තවමත් අපරටට ආගන්තුක වුවද මෙවැනි ප්‍රදර්ශන ඒ සඳහා පුරෝගාමී මෙහෙවර ඉටුකරනු ඇත

 

සටහන

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න