කැන්රිච් ෆිනෑන්ස් වෙතින් සිසුන්ට පුස්තකාල පොත් | දිනමිණ

කැන්රිච් ෆිනෑන්ස් වෙතින් සිසුන්ට පුස්තකාල පොත්

කැන්රිච් ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ 8 වැනි සංවත්සරය වෙනුවෙන් හම්බාවෙල ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පිරිනමන ලදි. මේ පොත් ප්‍රදානය කැන්රිච් ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකාර අංජන සමරකෝන් මහතා ඇතුළුව කැලුම් චන්ද්‍රකීර්ති, චානක දිනෙශ්, ශ්‍යාමලී ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලද අතර, මේ පොත් විදුහල්පතිනි ඩබ්ලිව්. එම්. එල්. ප්‍රියදර්ශනී මහත්මිය වෙත පිරිනමන ලදි. මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතනයක් ලෙස ජනතා විශ්වාසයට පත් කැන්රිච් ෆිනෑන්ස් සිය ආයතනය සතු සමාජීය වගකීම හඳුනා ගනිමින් කටයුතු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය ආයතනයක් ලෙස කැන්රිච් ෆිනෑන්ස් සමාගම රට පුරා විහිදී තිබෙන ශාඛා 36 සමඟින් ශ්‍රී ලාංකික ජනතාව අතර ඉමහත් ප්‍රසාදයක් සහ විශ්වාසනීයත්වයක් පසුගිය දශක හතර තුළ දිනා ඇත.

නව අදහස දක්වන්න