සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අන්තර්ජාතික සම්මාන ලබයි | දිනමිණ

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අන්තර්ජාතික සම්මාන ලබයි

ගෝලීය මූල්‍ය ප්‍රවණතා වර්ධනයන් කෙරෙහි අවධානයක් යොමු කරමින් එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත්වන ගෝලීය බැංකු හා මූල්‍ය පිළිබඳ සඟරාව (Global Banking & Finance) 2020 හොඳම සේවක ප්‍රතිලාභ සපයන්නා (Best Employee Benefits Provider Sri Lanka 2020) ලෙස සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් නම් කළේය. ගෝලීය මූල්‍යකරණ ප්‍රජාව තුළ සිදු වන කැපී පෙනෙන වෙනස්කම් හඳුනා ගැනීම සඳහා එක්සත් රාජධානිය පදනම් කරගත් ගෝලීය බැංකු හා මූල්‍ය සමාලෝචන සඟරාව 2011දී ගෝලීය බැංකු හා මූල්‍ය සම්මාන ඇරැඹීය. මේ සම්මාන වාර්ෂිකව පිරිනැමෙන අතර, ඒවා බැංකු, ආයතනික මූල්‍ය, ඉස්ලාමීය මූල්‍ය, අභ්‍යන්තර ආයෝජන, බදු සහ ගිණුම්කරණය, වත්කම් කළමනාකරණය ඇතුළු ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වන නව්‍ය හා ප්‍රගතිශීලී වෙනස්කම් පිළිබිඹු කරයි. මේ සම්මානය සෑම තරාතිරමකම සමාගම් සඳහා විවෘතව පවතින අතර, එමඟින් ලොව පුරා පවතින මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ පුළුල් හා තරගකාරී දැක්මක් ලබා දේ.

පුරා වසර 28ක් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස නම් දරා සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සමාන්‍ය ගැමි ජනතාවට මුහුණ පෑමට සිදු වන හදිසි අනතුරුවලදී සහනයක් ලබා දීමේ වැඩපිළිවෙළක් වශයෙන් ආරම්භ විය. 1991 ඔක්තෝම්බර් මස සමස්ත ලංකා අන්‍යෝන්‍ය රක්ෂණ සංවිධානය අල්මාවෝ නමින් මසකට රුපියල් 5 - 20 වැනි සුළු මුදලක් අය කරමින් දැවැන්ත රක්ෂණායතනයකට මූලික අඩිතාලම දැමු අතර, 2005 දී සාමාන්‍ය රක්ෂණ කටයුතු සඳහා ද 2013 දී ජීවිත රක්ෂණ කටයුතු සඳහා ද බලපත්‍ර ලැබීය. 2019 දී හොඳම ක්ෂුද්‍ර රක්ෂණ ආයතනය ලෙසද 2020 දී හොඳම සේවක ප්‍රතිලාභ සපයන්නා ලෙසද එක්සත් රාජධානියේ ගෝලීය බැංකු හා මූල්‍ය සඟරාව විසින් සම්මානයට පාත්‍ර කරන ලදි.

නව අදහස දක්වන්න