සුළු වැරදි කළ 444ක් නිදහස ලබති | දිනමිණ

සුළු වැරදි කළ 444ක් නිදහස ලබති

සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාරගත කර සිට ජනාධිපති පොදු සමාව හිමි වූ සිරකරුවන් 444 දෙනාම ඊයේ (1) ඔවුන් රඳවා සිටි බන්ධනාගාරවලින් නිදහස ලබා පිටව ගිය බව බන්ධනාගාර මූලස්ථානය කියයි. බන්ධනාගාර තුළ මේ වනවිට පවතින අධික තදබදය හේතුවෙන් සිරකරුවන් පිරිසකට මෙලෙස ජනාධිපති පොදුසමාව ලබාදීමට තීරණය කර තිබිණි. මේ අනුව දඩමුදල් ගෙවා ගත නොහැකිව සුළුවැරදි යටතේ සිරදඬුවම් විඳින සිරකරුවන්, වයස අවුරුදු 65 ට වැඩි සුළු වැරදි යටතේ සිරදඬුවම් විඳින දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති සිරකරුවන්, යහපත් කල්ක්‍රියාව හේතුවෙන් සෑම වසරකම අදාළ සිරදඬුවමෙන් මාස 03 කාලයක් අඩු කෙරෙන පදනම යටතේ මේ වනවිට අදාළ සිරදඬුවම් කාලය අවසන්වී ඇති සුළු වැරදි යටතේ සිරදඬුවම් විඳින අයට ජනාධිපති පොදු සමාව හිමිවිණි.

මිනීමැරුම්, මංකොල්ල, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධ කිසිඳු සිරකරුවකුට මෙම ජනාධිපති පොදු සමාව හිමිනොවේ.

 

 

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න