20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විමසුමක් අවශ්‍ය නැහැ | දිනමිණ

20 වැනි සංශෝධනය සම්මත කිරීමට ජනමත විමසුමක් අවශ්‍ය නැහැ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බහුතරයක එකඟතාවයෙන් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වීම ප්‍රමාණවත් බව නීතිපතිවරයා ලිපියක් මගින් දැනුම් දී ඇත.
 
කැබිනට් මණ්ඩලය විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා මෙම කෙටුම්පත සකස් කළ අතර ඉන්පසු එය නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යවා තිබුණි.
 
මෙම කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න