යකඩ මුරිච්චි වඩයක් හෝටලයක | දිනමිණ

යකඩ මුරිච්චි වඩයක් හෝටලයක

මිහිර විජේසේකර

කඩවත-මාතර අධිවේගී මාර්ගයේ වැලිපැන්න නැවතුම්පොළේ අවන්හලකින් ආහාරයට ගැනීමට ලබාගත් වඩයක යකඩ මුරිච්චියක් හමුවීමේ සිද්ධියක් වාර්තා වේ.

වෙන්නප්පුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් කතරගම වන්දනා ගමනක නිරත වන අවස්ථාවේ වැලිපැන්න නැවතුම්පොළේ උදෑසන ආහාරය ගැනීමට අවන්හලකට ගොස් ආහාරට ගත් වඩයක් තුළ යකඩ මුරිච්චියක් හමුවී ඇත. එය දැඩි ලෙස මලකඩ කා තිබිණි. මේ සම්බන්ධව අවන්හලේ සේවකයින්ගෙන් විමසා සිටියදී අවන්හලේ කළමනාකරු නොමැති බවත් ඔහු එනතුරු රැඳී සිටින ලෙසත් ය.

ඔහු පැමිණීමට පැයක පමණ කාලයක් ගත්වන හෙයින් ගමනට ඉන් බාධාවක් නිසා තමනට ඔවුනට රැඳී සිටීමට නොහැකි බව පවසා පොලිස් පරික්ෂකවරයා ඇතුළු පිරිස් ඉන් පිටව ගොස් තිබේ.

මේ සම්බන්ධව නානායක්කාර මහතා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇත.

නව අදහස දක්වන්න