නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුම හැක්වෙයි | දිනමිණ

නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුම හැක්වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සහ පෞද්ගලික වෙබ් අඩවියට මෙන්ම ජංගම දුරකථන යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
අදාළ ගිණුම හැක් කර ඇති බව Twitter ආයතනය විසින් ද තහවුරු කර තිබේ.
 
Cryptocurrency හරහා සහන අරමුදලකට පරිත්‍යාග කරන ලෙස අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටිමින් මෙම ගිණුම හරහා පණිවිඩ යවා ඇති බව සදහන්වේ.
 
කෙසේ වෙතත් මේ වන විට අදාළ ට්විටර්  ගිණුම යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි Twitter ආයතනය පවසයි.
 
 
මිලියන 2.5 කට අධික අනුගාමිකයන් සිටින මෙම ගිණුම මෝදිගේ පුද්ගලික වෙබ් අඩවියේ නිල ට්විටර් ගිණුම සම්බන්ධ කර ඇත. 
 
එසේම මෙම සිද්ධියෙන් කිසිදු බලපෑමකට ලක් නොවූ ඔහුගේ පුද්ගලික ට්විටර් ගිණුමට අනුගාමිකයන් මිලියන 61 කට වඩා සිටියි.

නව අදහස දක්වන්න