නෙයිමාර්ට කොරෝනා | දිනමිණ

නෙයිමාර්ට කොරෝනා

පාපන්දු ක්‍රීඩාවේ මිල අධිකම ක්‍රීඩකයා ලෙස සැලකෙන නෙයිමාර්ට හා ඔහු සමඟ ක්‍රීඩා කළ පැරිස් සෙන්ට් ජර්මන් පිලේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය වැලදී ඇත. පසුගිය සතියේ චැම්පියන්ස් ලීග් අවසන් තරගයට ක්‍රීඩා කිරීමට පෙර සිදු කළ පරීක්ෂණයකින් පසුව පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක බව වාර්තා වී ඇත.

නෙයිමාර්ගේ සමඟ වයිරසයට ගොදුරු වී ඇත්තේ ඇන්ජල් ඩි මරියා සහ ලියාන්ඩ්‍රෝ පරෙඩෙස් ය. ඔවුන් නේමාර් සමඟ නිවාඩුවක් ගත කිරීමට පසුගිය දිනවලදී ස්පාඤ්ඤයේ දූපතක් වන ඉබීසා වෙත ගොස් ඇති අතර, එහිදී මේ වයිරසය ආසාදනය වන්නට ඇති බව සැක කෙරේ.

බ්‍රසීල ජාතික නෙයිමාර් වෙනුවෙන් වාර්තාගත ඩොලර් මිලියන 263ක් පැරිස් සෙන්ට් ජර්මන් පිල ගෙවා ඇත.

නව අදහස දක්වන්න