අඹන වෙල්යායේ ගොවියෝ වායු රයිෆල් ඉල්ලති | දිනමිණ

අඹන වෙල්යායේ ගොවියෝ වායු රයිෆල් ඉල්ලති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන අක්කර 500ක වපසරියක් හිමි නාඋල අඹන මහ වෙල්යායේ ගොවිහු වගා ආරක්ෂාව සදහා වායු රයිෆල් ඉල්ලා සිටිති. කලක් තිස්සේ පවතින වන අලි,රිලා සහ මොණර උවදුරු පාලනයට මේ ඉල්ලීම සිදු කරන බව ගොවිහු කියා සිටිති.

වසරකට තුන් වතාවක් වගා කටයුතු සිදුකරනු ලබන අඹන වෙල්යාය ආශ්‍රීතව ගොවිතැන් කටයුතු කරන ගොවි පවුල් ප්‍රමාණය 200කට වැඩිය. වී වගාවන්ට අමතරව අතරමැදි කන්නයේ දී බතල,වැටකොළු ,බෝංචි,දඹල,පතෝල,මෑකරල්,වට්ටක්කා,අමු මිරිස්,කැකිරි,බණ්ඩක්කා,ගෝවා මෙන්ම මාළු මිරිස් ආදි එළවළු රැසක් අඹන වෙල් යායේ දී වගා කෙරේ. දිවා රෑ දෙකෙහිම දැඩි වෙහෙසක් දරමින් සිදු කරනු ලබන සිය වගාවන්වලට වන සතුන්ගෙන් එල්ල වන බරපතළ හානි වළක්වා ගැනීම සඳහා වායු රයිෆල් ප්‍රමාණවත් වෙතැයි ගොවිහු විශ්වාස කරති.

නාඋල සමූහ

නව අදහස දක්වන්න