නෞකාවේ ගින්න පාලනයට ජලය ලීටර් ලක්ෂයකට වඩා | දිනමිණ

නෞකාවේ ගින්න පාලනයට ජලය ලීටර් ලක්ෂයකට වඩා

මේ වන විට NewDiamond නෞකාවේ ගින්න පාලනයට ජලය ලීටර් ලක්ෂයකට වඩා ප්‍රමාණයක් නැවට පතිත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශන සඳහන් කරයි
NewDiamond නෞකාව මේ වන විට ශ්‍රි ලංකාවට මුහුදු සැපයුම් 22ක දුරින් පවතියි
නෞකාවේ ගින්න පාලනයට මේ වන විට සියළු මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි
ඉන්දීය නාවික හමුදාවේ නෞකා ද මේ වන විට මෙහෙයුමට දායක වී ඇත
ගින්න ඇති වන විට නෞකාවේ 23 දෙනෙකු සිට ඇත‍
ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් 19 දෙනෙකු බේරා ගෙන ඇත
නැවේ කපිතාන් වරයා මේ වන විට ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකාවේ සිට මෙහෙයුම් කටයුතු වලට දායක වෙයි
මුලින්ම නෞකාවේ බොයිලේරුවේ ගින්න ඇති වී ඇත
දැනට සොයා ගෙන තිබෙන කරුණු අනුව බොයිලේරුවේ සිටි පුද්ගලයා මියගොස් ඇත
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ද මෙහෙයුම සඳහා දායකත්වය දක්වයි

නව අදහස දක්වන්න