ස්තුති කරමින් ජනපතිගෙන් ට්විටර් සටහනක් | දිනමිණ

ස්තුති කරමින් ජනපතිගෙන් ට්විටර් සටහනක්

ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී හදිසියේ ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාවේ ගින්න පාලනය කිරිමට කැපවූ සියළු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ස්තුතිය පුදකර සිටියි.
 
ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කර ඇත. 
 
"සාගරයේ විනාශකාරී තත්වයක් වළක්වා ගැනීමෙන් සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ඔබ කළ දායකත්වය මම බෙහෙවින් අගය කරමි" යනුවෙන් ජනාධිපතිතුමා අදාළ ට්විටර් සටහන තබමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට, වරාය අධිකාරියට සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාවය පුදකර තිබේ.

නව අදහස දක්වන්න