බස්නාහිර පළාතේ පාතාල කල්ලි 25ක් | දිනමිණ

බස්නාහිර පළාතේ පාතාල කල්ලි 25ක්

මේ වන විට බස්නාහිර පළාතේ පමණක් අපරාධ කල්ලි 25ක් සිටින බවට පොලිසිය කළ විමර්ශනවලින් හෙළිව ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිනමිණ’ ට පැවසීය.

මොවුන් සිදු කළ අපරාධවලින් උපයා ගත් මුදල් යොදවා විවිධ ගනුදෙනු සිදු කිරීමට අමතරව බැංකු ගිණුම් 102ක මුදල් තැන්පත් කර තිබී සොයා ගෙන ඇත. ඒ අනුව එම ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 960ක මුදලක් රාජසන්තක කිරීමට ද පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

මේ අතර විදෙස් රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික මගින් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි 20ක සාමාජිකයන් 348ක් පමණ මේ වන විට අපරාධ ක්‍රියාවලට අනුගතව සමාජයේ ක්‍රියාකාරීව සිටින බවට ද හඳුනා ගෙන තිබේ.

නව අදහස දක්වන්න