වැලිකඩ 'වයි' වාට්ටුවෙන් දුරකතන 13ක් බැටරි 150ක් සිම් කාඩ් 7ක් සොයාගනී | දිනමිණ

වැලිකඩ 'වයි' වාට්ටුවෙන් දුරකතන 13ක් බැටරි 150ක් සිම් කාඩ් 7ක් සොයාගනී

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට මදක් ඈතින් පිහිටි තාප්පයට ඉහළින් බන්ධනාගාරයට මෙලෙස දුරකතන ආරෝපිත බැටරි විසි කරමින් සිටියදී මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස මේ භාණ්ඩ විසි කිරීමේදී එම භාණ්ඩ කවුරුන් විසින් කාට විසි කරන්නේද යන්න සහ මේ ජාවාරමේ නිරත මහ මොළකරු සොයා විමර්ශන ආරම්භ කළ බව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පැවැසීය.

මෙලෙස විසිකරන ලද භාණ්ඩ බන්ධනාගාරය තුළ කාහට ලැබෙන්නේද යන්න සහ කවුරුන් විසින් මේ භාණ්ඩ මෙලෙස විසිකරුණු ලබන්නේ යන්න පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව කියා සිටි නන්දන මුණසිංහ මහතා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවද කියා සිටී.

පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබී ආරෝපිත ජංගම දුරකතන බැටරි 10ක් හොරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 350ක් සහ රුපියල් 26,000ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

නව අදහස දක්වන්න