ලේ දන් දීමේ පුණ්‍යකර්ම | දිනමිණ

ලේ දන් දීමේ පුණ්‍යකර්ම

කාලීන අවශ්‍යතාවක් සැපිරීම සඳහාත් අනාගත පරපුර පරෝපකාරය සඳහා නැඹුරු කිරීමත් අරමුණු කර තලාතුඔය හේවාහැට මධ්‍ය විද්‍යාලයේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය නායකයන් විසින් ලේ දන්දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදුකරන ලදී. තුන්වැනි වරට සංවිධානය කරන ලද මෙම පුණ්‍යකර්මයට ගුරු මණ්ඩලය, මාපියන් සහ සිසුන් ලේ පරිත්‍යාග කරන ලදී. එහිදී මෙහෙණින් වහන්සේ නමක් ලේ පරිත්‍යාග කළ අයුරු මෙහි දැක්වේ.

ඡායාරූපය - පී. ඒ. කපුරුබණ්ඩාර ආරච්චි - තලාතුඔය විශේෂ

 

අන්තර්ජාතික බාලදක්ෂ සමූහයේ නිර්මාතෘ බේඩින් පවෙල් සාමිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 10 වන වරටත් හලාවත විද්‍යාකර පිරිවෙණේ දී පැවැත්විණි. කැබැල්ලවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙණේ පරිවේණාධිපති හාල්පන්විල පාලිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවති ලේ දන්දීමේ අවස්ථාවට ස්වාමින්වහන්සේලා ද එක්ව සිටියහ. මේ එහි අවස්ථාවකි.

ඡායාරූපය - ආරච්චිකට්ටුව සමූහ - අතුකෝරළ යූ. ගුණපාල

 

නව අදහස දක්වන්න