ඉඩම් හිමියෝ ජනාධිපතිට ලිඛිතව පැමිණිලි කරති | දිනමිණ

ඉඩම් හිමියෝ ජනාධිපතිට ලිඛිතව පැමිණිලි කරති

අඳගොවි පනත අහෝසි වෙලා

අඳගොවි පනත අහෝසි වී ඇතැයි පවසමින් ඉඩම් හිමියන් විසින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන නිමල් පින්සිරි ගොඩගන්දෙණිය මහතා සමඟ එක්ව ජනාධිපතිවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේද සහායද මෙම අඳගොවීන් මහ මඟට ඇද දැමීමේ කූට උපක්‍රමශීලි ව්‍යාපාරයක් අනුරාධපුරයේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක කරමින් පවතින බවට ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එම තත්ත්වය මත වසර අසුවක (80) පමණ කාලයක සිට වැඩ කරන සාලියපුර පුලියන්කුලම වැව යටතේ කුඹුරුවල අඳගොවීන් මෙම තත්ත්වයට විශේෂයෙන් මුහුණ පා ඇති බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

මෙම ඉඩම් නැවත අඳගොවියාට ලබා ගැනීමට නම් අක්කරයකට රුපියල් ලක්ෂ හයහමාරක් ඉඩම් හිමියාට ලබාදිය යුතු බව තමා මේ ගැන කළ විමසුමකදී අනාවරණය වී ඇති බව වැඩිදුරටත් ලිඛිතව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කර අඳගොවීන්ගේ අඳ අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ලිඛිතව ඉදිරිපත් කළ ඉල්ලීමෙහි සඳහන්ව ඇතැයි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙතටද පැවසීය.

නව අදහස දක්වන්න