කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව පිළිබද සොයා බැලීමට උපදෙස් | දිනමිණ

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව පිළිබද සොයා බැලීමට උපදෙස්

 
(බුද්ධිකා ඉඹුලාන)
MT New Diamond තෙල් ප්‍රවාහන නෞකාවේ සිදු වු ගිනි ගැනීමෙන් පසු, කල්මුනේ වෙරළතීරයේ ඇතිවී යැයි කියන  තෙල් තට්ටුව පිළිබද සොයා බලන්නැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ(නාරා) සභාපති අචාර්ය නවරත්නරාජා මහතා ප්‍රමුඛ  එම ආයතනයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 
 
සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් අනාවරණය කර ඇත.
 
මේ හේතුව නිසා  ධීවර කාර්මිකයන් පසුගිය 04 දින සිට ධීවර කටයුතු වලින් වැලකී සිට ඇති අතර අදාල තෙග් තට්ටුව පිළිබඳව ධීවර ඇමැතිවරයා වෙත වාර්ත කරන ලදි.එහිදී දේවානන්දා මහතා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ සභාපති අචාර්ය නවරත්නරාජා මහතා හා එම ආයතනයේ නිලධාරීන් කැඳවූ අතර ඒ පිළිබඳව  වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.
 

නව අදහස දක්වන්න