රුසියාව සංවර්ධනය කළ කොවිඩ් එන්නත බෙදා හැරීම ඇරඹෙයි | දිනමිණ

රුසියාව සංවර්ධනය කළ කොවිඩ් එන්නත බෙදා හැරීම ඇරඹෙයි

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් වී‘ එන්නත බෙදා හැරීම ආරම්භ කර ඇත. 
 
එන්නත එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බෙදා හැරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
අවශ්‍ය ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග සියල්ලක්ම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් එන්නත බෙදා හැරීම ආරම්භ කර ඇත. 
 
මේ අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම මාරාන්තික රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වන එන්නත ඔක්තෝම්බර් මාසයේදී ලබා ගත හැකි බවයි.  
 
ගෝලීය වශයෙන් මේවන විට කොරෝනා ආසාදිතයින් මිලියන 27 ඉක්මවා ඇති අතර රෝගයෙන් මියගිය සංඛ්‍යාව 897,283 ක් වේ.  
 

නව අදහස දක්වන්න