අතේ ගෙනියන ජලජ ස්කූටර් | දිනමිණ

අතේ ගෙනියන ජලජ ස්කූටර්

 

ජෙනීයනෝ සමාගම විසින් දිය යට ධාවනය කළ හැකි ස්කූටරයක් නිපදවා තිබේ. එස්2 මාදිලියේ දෙවැනි පරම්පරාවේ ජලජ ස්කූටරය, අතිශය සැහැල්ලු අතර එහා-මෙහා ගෙන යා හැකි තරමේ හුරුබුහුටි පෙනුමකින් යුක්තය. කිලෝග්‍රෑම් 2.67ක් බර මේ ස්කූටරයේ පාද තබන ඉඩ අගල් 16 මැක්බුක් ප්‍රෝ පරිගනකයක් හා සමානය.

එහි ප්‍රමාණය අනුව සාමාන්‍ය උකුලු පරිගණක බහාලන මල්ලක දමාගෙන පහසුවෙන්ම එහා-මෙහා ගමන් කළ හැකිය. එසේත් නැත් නම් අතිශය සැහැල්ලු ආකාරයෙන් අතේ ගෙන යා හැකිය.

නව අදහස දක්වන්න