කොස්ගොඩ තාරක පොඩි ලසී අධිකරණයට ඉදිරිපත් කරන්න | දිනමිණ


 

කොස්ගොඩ තාරක පොඩි ලසී අධිකරණයට ඉදිරිපත් කරන්න

ජනපතිට-ආරක්ෂක ලේකම්ට බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම පිළිබඳව කොස්ගොඩ තාරක සහ පොඩි ලසී යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ

බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් පොඩි ලැසි 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (08) නියෝග කෙළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු ඔවුනට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්බ කර තිබු අතර ඒ පිළිබඳ සොයා බැලිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු ජූනි මස 26 වැනිඩ දින බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇති බවය.

එහිදි පොඩි ලැසි නමැත්තා එම නිලධාරින්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත් ජනාධිපතිරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල් වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කැර ඇති බවත් කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය අවි බලය සමඟ රජයේ නිලධාරින්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම බරපතල කාරණයක් බවත් ඒ පිළිබඳ සාක්කි රැසක් සටහන් කර ගෙන ඇති බවත් දිලිප පිරිස් මහතා කියා සිටියේය.

බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප්‍රතිවාදින් ඝාතනය කිරිමට බන්ධනාගාරය තුළ සිට සැළසුම් කර ඇති බවත් ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් සමහර බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින හිරකුටිවලට වඳිනවා දුටු බවත් තවත් සමහරු හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අතර අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවය. පොඩි ලැසිගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමටත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි දිලිප පිරිස් මහතා ඔහු අධිකරණයට කැඳවනු ලබන දින අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඉදිරියේදි පොඩි ලැසි නමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනිමටත් 25 වැනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරිමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙළේය. නිති පති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනි මැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබිය.

දකුණු පළාත් සංචාරක

නව අදහස දක්වන්න