ගව ඝාතනය තහනම් කරනවා | දිනමිණ

ගව ඝාතනය තහනම් කරනවා

ආහාර සඳහා මස් ලබාගැනීම වෙනුවෙන් ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ට ඊයේ(08) දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණී.

ගව ඝාතනය තහනම් කරන බවට අගමැතිවරයා කළ ප‍්‍රකාශයට කිසිදු මන්ත‍්‍රීවරයෙක් විරෝධතාව පළ නොකළ බවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කළහ.

වන විනාශය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර වනය විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවද අගමැතිවරයා මෙහිදි පවසා ඇත.

එවැනි විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පනවන බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර ඇත.

පොහොර ගැටලුව කෙරෙහි ද අවධානය යොමුකර ඇති අගමැතිවරයා ගොවීන්ට නිසි කලට පොහොර ලබාදීමේ කටයුත්තට මැදිහත් වන ලෙසද මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇත.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර,මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න