හිටපු නාවික හමුදාපතිගේ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග | දිනමිණ

හිටපු නාවික හමුදාපතිගේ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන   හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන  සැකකරුගේ මෙම නඩුවට අදාළව විදේශ ගමන් බලපත්‍ර කීයක් දක්වා තිබේද යන්න සහ ඒවාට අදාළව අනෙකුත් අධිකරණ වල අත්හිටුවා ඇති විදේශ ගමන් බලපත්‍ර කවරක්ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්තත්‍රාත් රංග දිසානායක මහතා අද (09) රහස් පොලිසියට නියෝග කළේය
එම කාරණයට අදාළව නඩුව ලබන 23 දා කැඳවන ලෙසත් එදිනට සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
 
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ එම සැකකරුට සැගවී සිටීමට විදේශ රටකට යාමට ව්‍යාජ ලේඛන සකස් කිරීම මුදල් තැන්පත් කිරීම යනාදිය සිදු කරමින් එම වැරදි  වලට ආධාර අනුබල දීම සම්බන්ධ සිද්ධියට අදාළව පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදීය.
 
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීමට උපයෝගී කරගත් හැදුනුම්පතට අදාළව විමර්ශන සිදු කරන බවත් මහේස්ත්‍රාත් වරයා හමුවේ හරස් පොලිසිය දන්වා සිටියේය.
 
සැකකාර චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට ඇප දීමේදී ඇප කොන්දේසි ලිහිල් කර ඇති බවත් ඔහුට අයත් විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරු රවී රාජ් ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවත් අගතියට පත් පාර්ශව එම තීන්දුව අභියාචනා කර ඇති බවත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ  අනුජ් ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
සිද්ධියට අදාළව දැනට ඇප මත සිටින සැකකරු රැදී සිටි පොල්වත්ත භාරව සිටි  ලක්සිරි අමරසිංහ සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ,හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන  සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී  පෙනි සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන දෙසැම්බර් මස 02 අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය
 
කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම ඇතුලු චෝදනා කිහිපයක්  සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.

(සුභාෂිණී සේනානායක)

නව අදහස දක්වන්න