මාකඳුරේ මධුෂ් නිදහස් කරන ලෙස ඉල්ලීම ඉවතට | දිනමිණ


 

මාකඳුරේ මධුෂ් නිදහස් කරන ලෙස ඉල්ලීම ඉවතට

සුභාෂිණී සේනානායක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ප්‍රභුන් පිරිසක් ඝාතනය කිරිමට තැත් කළ සිද්ධියට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් නිදහස් කරන ලෙස සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ 09 ප්‍රතික්ෂේප කළේය.

තම සේවාදායකයාව අයුතු ලෙස රඳවා තැබිම්ක් සිදු කර ඇති බව කියමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ජාලිය සේනාරත්න මහතා ඉකුත් නඩු දිනයේ සිදු කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

ඔහු නිදහස් කිරීමට මෙම අධිකරණයට නෛතික බලයක් නැහැ. ඔහු සැකකරුවෙක් ලෙස ඉදිරිපත් කරලා නැහැ. රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙක් ත්‍රස්තවාදී පනත ප්‍රකාරව අත්අඩංගුවට ගැනිමට හැකියි. එහෙත් එම සැකකරු අත්අඩංගුවට ගැනිමේදී ප්‍රශ්නගත තත්ත්වයක් පවතින්නේ නම් එය විමසිය යුතු වන්නේ ශේෂ්ඨාධිකරණයෙන් බව මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.

එමෙන්ම ආරක්ෂක ඇමැතිවරයෙක් පත් කර නැති අවස්ථාවක ජනාධිපතිවරයා ආරක්ෂඛ ඇමැතිවරයාගේ බගය ආවරණය කිරිමට කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 19 වන සංශෝධනයට අනුකූලද නැද්ද යන්න විමසිමට මෙම අධිකරණයට බලයක් නැහැ. මධුෂ් යන අය සැකකරුවෙක් ලෙස නම් කර නැති නිසා එසේ කිරිමට බලයක් නැහැ.ආරක්ෂක ඇමැතිවරයා පත් කර නැති අවස්ථාවක එම නියෝගයේ අනුකූලතාවය විමසිය යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් වන බවද මහේස්ත්‍රාත්වරයා නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

මාකදුරේ මධුෂ් අයුතු අයුරින් රඳවා සිටින බවත් ඔහු කිසිදු ආකාරයකින් ප්‍රභූ ඝාතනයක් සඳහා සම්බන්ධතාවයක් නොමැති බවත් පවසමින් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු කියා සිටි නිතිඥ ජාලිය සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමට අදාළ තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම නියේගය සිදු කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්හණ සිදු කර ඔක්තෝම්බර් මස 7 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වනවිට ඇප මත මුදා හැර සිටි.

 


නව අදහස දක්වන්න