අනුරාධපුර මල්වතු ලෙන් මිහින්තලා පටුමඟ අලුත් වෙයි | දිනමිණ

අනුරාධපුර මල්වතු ලෙන් මිහින්තලා පටුමඟ අලුත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සපිරි ගමක් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර මල්වතු ලෙන් මිහින්තලා පටුමග වාහන ගමනා ගමනයට පවා සුදුසු තත්වයෙන් සංවර්ධන කර ජනතා අයිතියට පැවරීම පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි කේ.පි.සරත් කුමාර සිරි මහතා අතින් සිදු කෙරිණි.

අධික වර්ෂා දිනවලදී මල්වතු ඔය පිටාර ගැලීමෙදන් ජනතාවට සිදු වන විවිධ බාධක හා කරදර මගහරවා ගැනීමට පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයක ක්‍රිෂාන්ත සම්පත් මානවඩු මහතාගේ මගපෙන්වීම මත පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ අධික්ෂණය හා අනුමැතිය මත මල්වතු ලෙන් මිහින්තලා පටු මග වාහන ගමනා ගමනයට මෙසේ සංවර්ධන කර ජනතා අයිතියට පැවරිණි. මේ සඳහා මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා රජය මගින් රුපියල් ලක්ෂ විස්සක් ලබා දී ඇත.

මෙතෙක් කල් පැවැති ජනතාවගේ ගංවතුර බිය නැතිකරමින් අංග සම්පුර්ණ මාර්ගයක් ලබා දීමේ උත්සව අවස්ථාවට නාගරික මන්ත්‍රිවරුන් වන විනෝදනී විජේසුරිය, නදීර ප්‍රභාත් ධර්මදාස, එල්.පී.ප්‍රේමචන්ද්‍ර යන මහත් මහත්මීන් ප්‍රධාන විශාල පිරිසක් එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න