2021ට වර්ග 400 කින් පෙළපොත් කෝටි 3.9 ක් | දිනමිණ

2021ට වර්ග 400 කින් පෙළපොත් කෝටි 3.9 ක්

2021 වසර සඳහා වර්ග 400කට අයත් පෙළපොත් 39,431,500 ක් මුද්‍රණය කිරීමට රජය තීරණය කර ඇත
 
ඒ අනුව වර්ග 106 කින් පෙළපොත් 13, 890, 000ක් රුපියල් මිලියන 1093.71 මුදලකට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කර ගැනීමට නියමිතය
 
තවත් පෙළපොත් වර්ග 294 කින් පිටපත් 25 ,541 ,500 ක ප්‍රමාණයක් රුපියල් මිලියන 2059ක මුදලකට විවෘත තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීමට නියමිතය
 

නව අදහස දක්වන්න