ප්ලාස්ටික් එපා! අපේ දේට තැන දෙමු | දිනමිණ

ප්ලාස්ටික් එපා! අපේ දේට තැන දෙමු

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව “ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසර හිතකාමී වටපිටාවක්” යන අදහස් පෙරදැරි කරගෙන තල් ආශ්‍රිත භාණ්ඩවලට ජනතාව හුරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන යටතේ විවිධ ක්ෂේත්‍රයන්ගේ නියැළී ජනතාව තල් ආශ්‍රිත භාණ්ඩ සඳහා යොමු කිරීමට දිවයින පුරා වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. මෙම අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ‍ක්‍රිෂාන්ත පතිරාජ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහි ප්‍රථම පියවර ලෙස රාජ්‍ය නිලධාරීන්ට තල් ආශ්‍රිත භාණ්ඩ හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මෙහි සමාරම්භක අවස්ථාව පසුගියදා (08) දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යාවරයා විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයකට තල් ආශ්‍රිත භාණ්ඩ කට්ටල කිහිපයක් ලබා දීමද සිදුවිය.

මෙම වැඩසටහනේදී තල් ආශ්‍රිත භාණ්ඩ රැසක්ම ප්‍රදර්ශනයේ තබා තිබිණි.

එමෙන්ම මුළුතැන්ගෙයි ඇසුරුම් පෙට්ටි, කිරිගොටු, මලු, වටාපත්, පැදුරු, තොප්පි, අත්බෑග්, ආභරණ පෙට්ටි ඇතුළු තල් පත්‍ර ඇසුරෙන් නිපදවන දෑ බොහොමයක් තිබිණි.

ජනාධිපති ගෝඨාභයඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යය දැක්ම තුළින් අපෙන් ඈත් වූ දේශීය කර්මාන්ත නැඟිට වීම මෙහි ප්‍රධාන අරමුණයි.

නව අදහස දක්වන්න