DSI Tyres වෙතින් දේශීය ආර්ථිකයට ඉහළ දායකත්වයක් | දිනමිණ

DSI Tyres වෙතින් දේශීය ආර්ථිකයට ඉහළ දායකත්වයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල දායකත්වයක් සපයමින් විශාල අපනයන ආදායමක් ඉපැයීමට සහ ආනයන සීමා නිසා විශාල විදේශ විනිමයක් මෙරටට ඉතිරි කිරීමට DSI Tyres සමත් වී තිබේ. ජාතික ආර්ථිකය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව

දේශීයත්වයට මුල් තැන දෙමින් වාර්ෂික නිෂ්පාදන ධාරිතාව 25% කින් වැඩි කරමින් DSI Tyres ක්‍රියාවට නඟා ඇති නව වැඩ පිළිවෙළ නිසා දේශීය රබර් ගොවියාගේ ආර්ථික වර්ධනයටද විශාල ශක්තියක් ලැබේ. කෑගල්ල, ඇහැළියගොඩ, බඩල්කුඹුර පිහිටි රබර් එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් නිෂ්පාදන මිල දී ගන්නා DSI Tyres මෙරට රබර් වගාවේ ප්‍රගමනයට දක්වන දායකත්වය සුවිශාලය. DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා පවසන්නේ මෙරට මහ පොළොවෙන් උපන් සැම්සන් රබර් කර්මාන්ත ආයතනය අනාගතයේදීත් දේශීයත්වය පදනම් කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන බවයි. එසේම කොරෝනා වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවලට පත් පාරිභෝගිකයන්ගේ පහසුව තකා මේ වසරේදී DSI Tyres නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමද සුවිශේෂත්වයකි.

100%ක්ම දේශීය සමාගමක් වන DSI Tyres මෙරට බයිසිකල්, මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ ටයර් හා ටියුබ් වෙළෙඳපොළේ ප්‍රමුඛයා වෙමින් ජාත්‍යන්තරය ද අතික්‍රමණය කර තිබෙන්නේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය එක් කිරීමේ පුරෝගාමියකු වෙමිනි. ජනාධිපති අපනයන සම්මානද ඇතුළුව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනා ඇති DSI Tyres මෑතකදී ලැබූ අනභිභවනීයම ජයග්‍රහණය වන්නේ SLIM Turn Around Brand of the Year 2019 සම්මානයයි. බහු ජාතික සමාගම් පවා අභිභවමින් දේශීය සමාගමක් ලෙස ලබා ඇති මේ සාර්ථකත්වය සමඟ රටවල් 85කට DSI Tyres සිය නිෂ්පාදන අපනයනය කරයි. සෘජු රැකියා 2,800ක් සහ වක්‍ර රැකියා 6,000ක් පමණ සපයමින් මෙරට ශ්‍රම වෙළෙඳපොළට දායකත්වය දක්වා ඇති DSI Tyres සිය නවෝත්පාදන සඳහා ද දේශීය දැනුම, තාක්ෂණය හා සම්පත් යොදා ගනියි. ඔවුන් මෑතකදී දේශීයව වෙළෙඳපොළට පළමු වරට නිකුත් කළ Gen X මෝටර් සයිකල් ටයරය ඊට කදිම උදාහරණයකි.

නව අදහස දක්වන්න