Saturday, සැප්තැම්බර් 12, 2020 - 01:00
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති 8 වැනි කැරිබියන් ප්රිමියර් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් ට්රිනිබෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ට්රිනිබෑගෝ පිල හමුවේ අවසන් තරගයේදී සාන්ත ලුසියා සූක්ස් පිල කඩුලු 8කින් පරාජයට පත් විය.
මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම වූ ට්රිනිබෑගෝ පිල ශූරතාව දිනා ගත් සිව් වැනි අවස්ථාව මෙයයි. 2018 වසරේ තෙවැනි වරට ශූරතාව දිනා ගත් ට්රිනිබෑගෝ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි විය. ඉන් පෙර 2015 සහ 2017 වසරවල ශූරතා ද ඔවුන් සතු වූහ.
නව අදහස දක්වන්න