මහ වැස්සෙන් පැසුණු ගොයමට හානි | දිනමිණ

මහ වැස්සෙන් පැසුණු ගොයමට හානි

මේ දිනවල ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පැසුණු ගොයමට හානි පැමිණ තිබෙනු දක්නට ලැබිණි. මේ දිනවල පවතින මෝසම් වර්ෂාවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල, අරණායක ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක වී ගොවිතැනට හානි පමුණුවා තිබේ.

දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක ගොයම් කපා අස්වනු නෙළා ගැනීමට ගොවීන් රැසක් සමත් වුවද, ගොවීන් සුළු පිරිසකට සිය අස්වනු කපා ගැනීමට නොහැකි වීමෙන් පැසුණු ගොයම මෙන්ම අඩක් පැසුණු ගොයම වර්ෂාව මෙන්ම සුළං තත්ත්වය හේතුවෙන් ඇතැම් යායවල්වල ගොයම් ගස් සම්පූර්ණයෙන්ම බිම ඇද වැටී තිබෙනු දක්නට ලැබේ.

නව අදහස දක්වන්න