දිවියෙන් සමුගත් ප්‍රවීණ සංගීතවේදී රංජිත් ඩයස් | දිනමිණ

දිවියෙන් සමුගත් ප්‍රවීණ සංගීතවේදී රංජිත් ඩයස්

ප්‍රවීණ සංගීතවේදී රංජිත් ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කීබෝඩ් වාදන ශිල්පියකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ගී නිර්මාණ ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙයක් ඉටු කළ ඒ මහතා මිය යන විට 67 වන වියේ පසු විය.

වසර ගණනාවක් මෙරට සංගීත කණ්ඩායම් අතර නමක් දිනා සිටි මවුන්ට් චයිම්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ද ඒ මහතා කටයුතු කළේය. එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන් ආදී ශිල්පීන්ගේ කැසට් පට රැසක් රංජිත් ඩයස් මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් පටිගත කර තිබේ. ගායක ගායිකාවන් රැසකටම ඔහු තනු නිර්මාණය කළේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ ආරම්භයේ සිට මධුරසාංග සංගීත වැඩසටහනට මෙන්ම ලක්හඬ ගුවන් විදුලියේ ‘කලාල මියැසිය‘ වැඩසටහන ද රංජිත් ඩයස් මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරිණි. ඒ මහතාගේ දේහය මොරටුව, ලක්ෂපතිය, ශ්‍රී මේධානන්ද මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඊයේ (11) සවස ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න