අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් | දිනමිණ

අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්

නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාර ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරක් එල්ල වී ඇත. 
 
රුසියානු, චීන සහ ඉරාන හැකර්වරුන් විසින් එල්ල කළ මෙම සයිබර් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකිවූ බව මයික්‍රසොෆ්ට් ආයතනය සදහන් කර තිබේ. 
 
ඔවුන් රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ට්‍රම්ප්ගේ මෙන්ම ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ප්‍රචාරක ව්‍යාපාර මෙහිදී ඉලක්ක කරගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. මයික්‍රොසොෆ්ට් ආයතනයට අනුව බොහෝ සයිබර් ප්‍රහාර සාර්ථක වී නොමැත.
 
එම සයිබර් ප්‍රහාරකයින්ම බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ ද ඉලක්ක කර ගත් බව මයික්‍රොසොෆ්ට් ආයකනය සදහන් කර තිබේ.
 

නව අදහස දක්වන්න