දේශීය කහ වගාව මියැදෙන හැඩ | දිනමිණ

දේශීය කහ වගාව මියැදෙන හැඩ

ඉන්දීය කහවලට වඩා දේශීය කහ පෝෂණ ගුණයෙන් ඉහළයි. පාට නැහැ. කහ පැහැය ලබා ගැනීම සඳහා පිටි කලවම් කරන්න පුරුදු වීී සිටිනවා. කහ කිලෝවකට රුපියල් දහසක (රු. 1000) ස්ථාවර මිලක් ලැබෙනව නම් ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණත්වයක් ඉටුවෙන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වටිනාපහ ප්‍රධාන පෙළේ කහ වගාකරුවකු වන ඒ.ඒ. කරුණාරත්න මහතා පැවසීය.

දේශීය කහ වගාව හා කහ මිල ගණන් ඉහළයාම පිළිබඳ කරුණු විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

දේශීය කහ වගාව හා කහ මිල ගණන් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මෙසේද පැවසීය.

ආහාර පිස ගැනීමේදී දේශීය කුළුබඩු විශේෂයක් වශයෙන් කහ ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම ‍තමයි දේශීය වෛද්‍ය ක්‍රමයේදී කහ ඖෂධයක් වශයෙන් ගන්නවා. මේ අවශ්‍යතා දෙකටම නැතිවම බැරි දෙයක් තමයි කහ කියන්නේ.

කහ වගාව අද ඊයේ ආරම්භ වුණ දෙයක් නොවෙයි. ඈත කාලයේ සිටම මේ අවශ්‍යතාවයන් දෙක සඳහා කහ වගාව අප රටේ දේශීය වශයෙන් සිදු කළා. මේ දෙකට අමතරව වර්ණ සංයෝජකයක් වශයෙන්ද භාවිතා කරනවා. ඇතැම් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර ස්ථානවල දෛනිකව ව්‍යාපාර ආරම්භ කරන්නෙ ස්ථානය හොඳට අතුපතු ගා කහ දියර ඉසල. එහෙම කරන්නෙ විෂබීජ නාශකයක් මෙන්ම එදිනෙදා ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගෙනයාමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් විය හැකියි.

ලංකාවේ දේශගුණය අනුව බොහෝ පළාත්වල කහ වගා කරන්න පුළුවන්. මෙතෙක් කාලයක් කහ වගාවට ගොවියාට නිෂ්පාදකයාට විකුණාගැනීම මිල උච්චාවචනය වීම පිටරටින් ගෙන්වීම කියන ප්‍රශ්න තුනට විසඳුම් ලැබෙනව නම් කහ වගාව අතින් ස්වයංපෝෂිත වන්න පුළුවන්. එය රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ මාර්ගයක්ද වෙනව.

ඉන්දියාවෙන් ගෙන්වන කහ වලට වඩා දේශීය කහ පෝෂණ ගුණය ඖෂධ ගුණය අතින් ඉහළයි. හැබැයි ඉන්දීය කහ තරම් පාට නැහැ. අපේ පාරිභෝගිකයා පුරුදු වී සිටින්නේ පෝෂණ ගුණය පැත්තකට දමල පාට ගැන අවධානය යොමු කරන්න.

පාරිභෝගික ඉල්ලීම සපුරාලීමට සමහර නිෂ්පාදකයො පෙලඹී සිටිනව. කහ කිලෝ දහයකට කැකුළු හාල් කිලෝ එකක් යන අනුපාතයට මිශ්‍ර කිරීමෙන් ඉන්දීය කහවල දකින්න ලැබෙන කහ වර්ණය ගන්න පුළුවන්. එය ශරීරයට අහිතකරත් නැහැ. නමුත් මේ වන විට බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ කහ කිලෝ දහයකට කැකුළු හාල් කිලෝ දහයක් යන අනුපාතයට කලවම් කර වර්ණ ගන්වා අ‍ෙලවි කිරීමටයි. එය ශරීරයට හිතකර නොවන්න පුළුවන්. මේ වන විට කහ කිලෝවක් රුපියල් පන්දහසක් වෙනව. නිෂ්පාදකයාගේ පැත්තෙන් එය හොඳ වුවත් පාරිභෝගිකයාට එය දරාගන්න බැහැ.

 

නව අදහස දක්වන්න