තාප්පයට උඩින් විසි කළ දුරකතන පාර්සලය බන්ධනාගාර නිලධාරීන් අතේ | දිනමිණ

තාප්පයට උඩින් විසි කළ දුරකතන පාර්සලය බන්ධනාගාර නිලධාරීන් අතේ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ, සූරියවැව විශේෂ- නුවන් ජයසේකර

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තාප්පයක් මතින් රැඳවූවන් සිටින ස්ථානයට දැමු ජංගම දුරකතන 9ක් හා සිම්කාඩ් 16ක් සමඟ කේරළ ගංජා ග්‍රෑම් 18ක් එහි රාජකාරියේ නියැළී සිටි බන්ධනාගාර නිලධාරීන්ට හමු වී තිබේ.

මේ දුරකතන අතර ස්මාට් දුරකතනයක් වන අතර ඩේටා කේබල් එකක් ද වේ. මෙම දුරකතන කවුරුන් දැමුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔඅගුනුකොළපලැස්ස බන්ධනාගරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද ආරක්ෂාවට යොදවා ඇති අතර, යම් අයකුට ළඟාවීමට පහසු කටයුත්තක් නොවුණත් මේ ආකාරයෙන් බන්ධනාගාරයට දුරකතන හා සිම් කාඩ් පත් මෙන්ම මත්ද්‍රව්‍ය දැමීම ගැටලු සහගත කරුණක් බව නිලධාරීහු පවසති.

නව අදහස දක්වන්න